''දිගාමඩුල්ලෙන් සූර පුතුන් දැයට දායාද කෙරූ සේනාගම විදු මවගේ ඉතිහාසය....."
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරූ මහාමාන්‍ය D.S. සේනානායක ශ්‍රීමතානන් විසින් ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර, ඒ් යටතේ ගොවි ජනපද ද ආරම්භ කෙරුණි. එසේ නිර්මාණය වූ අංක 29 ගොවි ජනපදය තුළ උපත ලැබූ අප සේනාගම මහා විද්‍යාලය එකළ හැඳින්වූයේ මඩ/ මණ්ඩූර් අංක 29 සේනාගම පාඨශාලාව යන නාමයෙනි.
1956. 03. 02 වන දින නිළ වශයෙන් ඇරඹි මෙම විද්‍යාලයේ මුල් ගුරුතුමා වූයේ G.L. අන්ද්රියෙස් සිල්වා මහතා ය. එක් ගොඩනැගිල්ලකින් සහ ගුරුභවතුන් තිදෙනෙකුගෙන් ඇරඹුණු මෙම විදු පියස තුළ එදා (1956) සිසුන් 40 දෙනෙකු අධ්‍යාපනය හැදෑරුවෝ ය. එදා ශිල්ප ලබා දුන් සහ ශිල්ප ලබා ගත් ගුරු ගෝලයින් අද මෙම පිං බිමේ නැතත්, ඔවුන්ට සෙවණ සැලසූ පාසලේ මුල් ම ගොඩනැගිල්ල අදට ත් නොනැසී සිටිමින් වත්මන් ගුරු ගෝල පිරිසට සෙවණ සලසමින් සිටින්නේ ය.
අන්ද්රියෙස් සිල්වා (ප්‍රථම විදුහල්පති තුමා) මහතාගේ සමය්දී ම මහා විද්‍යාලයක් ලෙස උසස්වීමක් ලද සේනාගම විද්‍යාලය මේ සමයේ දී ප්‍රථම පාසල් ගීතය රචනා විය.
" රුහුණු රටේ පෙරඹරේ
දික් මඩුලු ජනපදේ......"
ලෙසින් එහි මුල් පද පේළි ආරම්භ විය. ඉන් පසුව M.C. පෙරේරා විදුහල්පති තුමන්ගේ සමයේ දී ගණකාධාර මාපළගම නම් වූ පාසලේ සංගීත ගුරුතුමාගේ මිත්‍රෙයකු වූ අරිසෙන් අහුබුදු ශූරින් විසින් පාසල් ගීතයක් නිර්මාණය කළ අතර දැනට විද්‍යාලය විසින් භාවිතා කරන්නේ එම පාසල් ගීතයයි.
එකල මෙම පාසලේ සේවය කර ඇත්තේ දිගාමඩුල්ලට එපිටින් පැමිණි ගුරු භවතුන් ය. ඔවුන් බොහෝ විට මාතර, ගාල්ල, කොළඹ, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, මාතලේ, බදුල්ල වැනි දිස්ත්‍රික්ක වලින් පැමිණි අය වෙති. එලෙස පාසලට පැමිණි ගුරු ගුරුභවතුන් අතරින් පාසලට පැමිණි ප්‍රථම උපාධිධාරී ගුරුතුමා වූයේ රන්සෑගොඩ හේමාලෝක හිමි ය. එ හිමිපාණන්ගේ මැදිහත්වීමෙන් සේනාගම ග්‍රාමයට තිස්සාරාමය නම් වූ විහාරස්ථානයක් නිර්මාණය කෙරුණි.
මඩ/ මණ්ඩූර් අංක 29 සේනාගම පාඨශාලාව ලෙසින් මෙතෙක් හැඳින්වූ මෙම පාසලට අම්/ සේනාගම මහා විද්‍යාලය නම් වූ නම ලැබුණේ A.M.C. පෙරේරා විදුහල්පති තුමාගේ සමයේදී ය.

අම්/ සේනාගම මහා විද්‍යාලයට ප්‍රථම පුස්තකාලය ලැබෙන්නේ ඉතාම අපූර්ව ආකාරයකට ය. ඒ A.M.C. පෙරේරා විදුහල්පති තුමාගේ සමයේදී ය. එවකට පාසලේ සිටි ළමුන්ගේ දෙමාපියන් තුන්සියක් පමණ දෙනෙකු හිගුරාන සීනි කම්හලේ දින දෙකක් සේවය කර ලබා ගත් මුදලින් පුස්තකාලය ඉදිකිරීමට අවශ්‍ය මුදල් උපයා ගත් බැව් මූලාශ්‍ර ග්රන්ථ වල සඳහන් වේ.
1974 වන විට පාසලේ ළමුන් 300ක් පමණ සිටි අතර ඔවුන්ගේ සහභාගීත්වයෙන් පාසලේ ප්‍රථම නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පවත්වා ඇත. එතෙක් පාසලට ක්‍රීඩා පිටියක් නොවූ නිසා එවකට සිටි විදුහල්පති තුමා විසින් ක්‍රීඩා පිටියක් තනා ගැනීමට ආරාධනා කරමින් ලියූ කවියක් මෙසේ ඉතිහාසගත වීඇත.
"මහ විදුහලේ ඉන්නේ කොල්ලෝ ටික දෙනයි
සෙල්ලම් පිටිය කැලයට යට වෙලා ගියයි
කොතෙක් එළි කළත් උන් නැහෙනව විතරයි
ඔක්කොම එක්ක ආවොත් වරුවෙන් ඉවරයි"
විදුහල්පති D.M.P. දිසානායක මහතාගේ කාලයේ දී වර්ෂ 1969 වසරේ අප්‍රේල් මාසයේ දී සේනාගම මහා විද්‍යාලයේ සිසු දරුවන් ප්‍රථම වරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර පාසලේ ප්‍රථම සරසවි වරම් ලත් ශිෂ්‍යයා ද එම වසර තුළ දී බිහි විය. ඔහු නමින් ආචාර්ය L.W. චන්ද්‍රතිලක බණ්ඩාර වන අතර මෙම වෙබ් අඩවියට පාසලේ ඉතිහාසය පිළිබඳ කරුණු උපුටා ගැනීමේ දී ඔහු විසින් රචිත "දිගාමඩුල්ලේ අපේ ඉස්කොලේ" ග්‍රන්ථය ද ඉමහත් රුකුලක් විය.
1970 න් පසු මෙම පාසල වර්ථමානයේ පවතින තත්ත්වයට උසස් කරලීම සඳහා උරදුන් පුරෝගාමීන් බොහෝ ය.
දිගාමඩුලිලෙන් ලක් මවට සූර දූ පුතුන් තව තවත් බිහි කිරීමේ අරමුණින් සේනාගම විදු මව දිනෙන් දින වැජඹෙමින් සිටින්නී ය.
|
ආරම්භ කළ වර්ෂය |
1956 මාර්තු 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
40 |
|
මුල් ගුරුතුමාගේ නම |
G.L. අන්ද්රියෙස් සිල්වා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මඩ/ මණ්ඩූර් අංක 29 සේනාගම පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1956 මාර්තු 02 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
සේනාගම ගම් මැද්ද |