විදුහල්පති පණිවිඩය
අම්/සේනාගම මහා විද්‍යාලය

සේනානායක සමුදුරු ජලයෙන් සුපෝෂීත සාරවත් කෙත් වතු සමග පොරබදින ගොවි කම්කරු දනන්ගෙ සුපින්වත් දූ දරුවන් ඉගෙනුම ලබන අම්/සේනාගම මහ විද්‍යාලයේ , සියළු දරුවන් ගෞරවණීය පුරවැසියන් ලෙස සමාජගත කරවීමේ මහගු කාර්ය ඉටු කරන දක්ෂතා සපිරි ශිල්පයෙන් සපිරි ඇදුරු මඩුල්ල සමග එක්ව අනලස්ව කටයුතු කිරීම මාගේ අරමුණයි.
දිගාමඩුල්ලට පමණක් නොව සමස්ථ ශ්‍රි ලංකාවටම අභියෝග කිරීමට සමත් දරු පිරිසක් පාසලෙන් බිහි කිරීමටත්, අංක 29 සේනාගම ජනපදයේ මෙන්ම අවට ගම්වාසි සියළු ප්‍රජාවගේ අරමුණු සාක්ෂාත් කර මතු දිනක ලොව ජය ගන්නා දරු පිරිසක් බිහිකිරිමටත්, භෞතික හා මානව සම්පත හොදින් කළමනාකරණය කරමින් නිවැරදි දැක්මක් සහිත නායකයෙකු ලෙස ඉදිරි අනාගතයට ගැළපෙන නවීන තාක්ෂණික දැනුමෙන් හෙබී දරු පිරිසක් බිහි කිරීමටත්,හර විශයන් මෙන්ම ක්‍රීඩාව හා සෞන්දර්යද නව තාක්ෂණය සමග මුසුකර සමබර පෞරෂයන් සහිත පුද්ගලයින් රටට දායාද කිරීම ඒකායන අභිප්‍රායයි.
"මා වෙත පැමිණෙන නොමේරු පොඩි එවුන් වාත්තු කොට සකස් කරන දිව්‍යමය කාර්යෙහි දෙවියන් හා සම සමව නියැලෙමි."
විදුහල්පති
අම්/සේනාගම මහා විද්‍යාලය.