අප විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකය බාරව ගුරුතුමියන් දෙපළක් සිටින අතර ඒ A.I.R.S. අතුකෝරළ මිය සහ සඳුනිකා දමයන්ති මහත්මිය යි. පාසල් දරු දැරියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමට ඔවුන් නිරන්තරයෙන් කාලය, ශ්‍රමය, ධනය කැප කරති. පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි කියවීමේ කුසලතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන පන්ති පුස්තකාල පවත්වගෙන යාමට තීරණය කළ ද ඒ සඳහා ප්‍රමාණවත් තරම් පොත් පත් පාසල සතුව නොතිබූ හෙයින් ඹවුන් විසින් ඒ සඳහා අපූරු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ අතර එය හැඳින්වූයේ "පොත් පෙරහැර " යන නමිනි. ඒ තුළින් ඉංග්‍රීසි අංශය විසින් විශාල පොත් ප්‍රමාණයක් එක් රැස් කරගෙන වර්තමානය වන විට පන්ති පුස්තකාල සාර්ථකව පවත්වාගෙන යන්නේය.

තව ද "English Only Day" නමින් වැඩසටහනක් පවත්වාගෙන යන අතර ඒ හරහා පාසලේ ගුරු ගෝල දෙපිරිසම සතියේ සෑම අඟහරුවාදා දිනකම ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කිරීමට උත්සය දරති.
පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම තව තවත දියුණු තියුණු කිරීමට හැකිවේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.